Wednesday, May 15, 2024

General line - 0115112241

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් 




පෑලියගොඩ මැනිං වෙළෙද සංකීර්ණයේ කඩ කාමර වෙන් කිරීම සම්බන්ධයෙන් පැරණි මැනිං වෙළඳපොළේ වෙළෙඳුන් සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර තවත් සාකච්ජාවක් මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා. නව මැනිං වෙළෙද සංකීර්ණයේ එක් කඩ කාමරයක් වෙළෙදුන් දෙදෙනෙකුට බෙදා වෙන්කර දීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවය අතර තවදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර, මැනිං වෙළඳ සංකීර්ණය මීට පෙර පැවති ස්ථානයේම පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් එහි වෙළඳාම් කළ පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඒ, ගාලූමුවදොර ජනාධිපති කාර්යයාලය ආසන්නයේ විරෝධතා පැවැත්වීම සඳහා වෙන්කර ඇති ස්ථානයේදීයි.