Tuesday, May 14, 2024

General line - 0115112241

LPL තරගාවලියේ කඩුලු 05ක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට මොහොමඩ් අමීර් පත්වෙයි




ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කඩුලූ 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන කි‍්‍රඩක මොහොමඕ අමීර් අද වාර්තා පොත් අතරට එක් වුණා. ඒ, කලම්බෝ කිංග්ස් කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේදී ලකුණු 26 කට කඩලූ 5ක් දවා ගනිමින්.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදි සියල්ලන් දැවී ලකුණු 171 ක් රැස් කළා.

ලකුණු 171 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 15 ක් අවසානයේ කඩුලූ 02  ක් දැවී ලකුණු 137 ක් ලබා සිටියා.