Tuesday, May 14, 2024

General line - 0115112241

මහර ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකරන්නේ අධිකරණය ලබා දෙන නියෝග මතයි




මහර බන්ධනාගාරයේ ඉකුත්දා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් 145 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අදාළ ගැටුමට පෙර බන්ධනාගාර රැඳවූවන් ලබාගත් බව කියන ඖෂධ සම්බන්ධයෙන් විශේෂඥ මත ලබාගනිමින් අධිකරණය වෙත ඉදිරියේදී කරුණු වාර්තා කිරීමට නියමිත බවයි.

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ මෘත ශරීර ආදාහනය කිරීමට හෝ භූමදාන කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවත්, අධිකරණය ලබාදෙන නියෝගය අනුව මෘත ශරීර සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන බවත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.