Tuesday, May 14, 2024

General line - 0115112241

මෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය ජාතික විදුලි පද්ධතියට එක් වෙයි




මෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය වන මන්නාරම ”තම්බපවනි” විදුලි බලාගාරය අද ජාතික විදුලි පද්ධතියට එක් කෙරුණා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති උත්සවයකදීයි.

මෙම සුළං බල ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 103 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරගැනීමට අපේක්ෂිතයි. ඒ යටතේ පළමු අදියරයේදී මෙගාවොට් 30 ක විදුලි ධාරිතාවක් අද සිට ජාතික විදුලිබල පද්ධතියට එක් වනවා. මෙම ව්‍යාපෘතිය ස`දහා අමෙරිකානු ඩොලර් මිලියන 107 ක මුදලක් වෙන්කර තිබෙනවා.