Wednesday, May 15, 2024

General line - 0115112241

අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අදයි




2021 වර්ෂයේ අයවැය සඳහා වන කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය අදයි. 

එම කාරක සභා අවස්ථා විවාදය ඉකුත් 23 වනදා ආරම්භ වූ අතර එහි ඡුන්ද විමසීම අද පස්වරු 05 ට පැවැත්වෙන බවයි සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.  

2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගැසට් පත‍‍්‍රයේ පළ කෙරුණු අතර පසුව එය ඔක්තෝබර් 20 වැනිදා අග‍‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය, දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඉකුත් 17 වනදායි. 

ඒ, මුදල් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. අනතුරුව අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වුණේ ඉකුත් 18 වනදා සිට 21 වනදා දක්වායි. ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පැවැත්වුණු අතර එහිදී අයවැය දෙවන වර කියවීම සම්මත වුණේ වැඩි ඡන්ද 99 කින්. අයවැයට පක්ෂව ඡන්ද 151 ක් හිමිවුණු අතර විපක්ෂ හිමිවුණේ ඡන්ද 52 ක් පමණයි.