Wednesday, May 15, 2024

General line - 0115112241

පෑලියගොඩ නව වෙළදපොලේ කටයුතු ලබන සදුදා සිට ඇරඹෙයි




පෑලියගොඩ නව වෙළදපලේ කටයුතු ලබන සදුදා දින සිට ආරම්භ කිරීමට හැකි වන්නේ තොග වෙළදාම සදහා පමණක් බව එහි පොදු වෙළද සංගමය පවසනවා. 

ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති නිදේශ කි‍්‍රයාත්මක කරමින් වෙළදපලේ කටයුතු ආරම්භ කරන ලෙසයි.

එහෙත් මැනිං පොදු වෙළද සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ ව්‍යාපාරිකයින්ට කඩ කාමර ලබාදීමේ කටයුතු තවමත් සිදුකරමින් තිබීම හේතුවෙන් තොග වෙළදාමට පමණක් ලබන සදුදා සිට ආරම්භ කරන බවයි.

කිසිදු ව්‍යාපාරිකයෙකුට ආසාධාරණයක් නොවන පරිදි, කොළඹ මැනිං වෙළදපලේ ව්‍යාපාරිකයින්ට තිබූ කඩ කාමරවල ඉඩ ප‍්‍රමාණයට වැඩි ඉඩ ප‍්‍රමාණයකින් යුත් කඩ කාමර ලබාදෙන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ. පෑලියගොඩ මැනිං වෙළඳපොල වෙළඳසැල් 1,192 කින් සමන්විත වනවා.