Wednesday, May 15, 2024

General line - 0115112241

සෞඛ්‍යට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව අගමැති කියයි




කොවිඩ් -19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භුමිදානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ කොවිඩ් -19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමිදානය කළ හැකිදැයි සොයා බැලීම සඳහා අගමැතිවරයාගේ සහ සෞඛ්‍ය ප්‍රධානින් අතර පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී අද පැවති විශේෂ සාකච්ජාවේදී.

සෞඛ්‍යට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අගමැතිවරයා, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ග වල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කර සිටියා.

ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස මෙහිදී අගමැතිවරයා පැමිණ සිටි සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.