Friday, September 20, 2024

General line - 0115112241

අද ලංකාව වෙනුවෙන් තරග කරන’කිමිකෝගේ අක්කා’ කෙස් කළඹ කපා පිළිකා රෝගීන්ට පිරිනමලා (PHOTOS)



රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ශී‍්‍ර ලංකාව සහභාගිවන පළමු තරග ඉසව්ව සඳහා කිමිකෝ රහීම් අද(07) සහභාගිවන බව ඔබ මේ වන විටත් දන්නා කරුණක්.

මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකටයි ඇය මෙලෙස අද එක්වන්නේ.

සිය සහෝදරියන් වන මයුමි රහීම් සහ මචිකෝ රහීම් අනුගමනය කරමින් ඇය  පිහිනුම් කී‍්‍රඩාවට යොමු වූයේ කුඩා කළ සිටයි.

ඇගේ සොයුරියක වන මචිකෝ රහීම් මෙරට සමාජ සත්කාර තුළ නොමැකෙන සටහනක් තැබූ චරිතයක් වනවා.

තමාගේ එකම සහෝදරයා පිළිකා රෝගයෙන් පීඩාවිඳ මරණයට පත් වූ නිසා ඒ දුක මර්දනය කර ගනිමින් පිළිකා රෝගීන්ගේ සුබසාධනයට පිළිකා අරමුදලක් ආරම්භ කරමින් මහේල කළ සත් ක්‍රියාව ඔබට මතක ඇති.

මහේලගේ මෙම සමාජ සත්ක්‍රියාවට සමාන ක්‍රියාවක් එවකට 17 හැවිරිදි පිහිනුම් ක්‍රීඩිකාවක වූ මචිකෝ රහීම් ආරම්භ කරනු ලැබුවා.

හිසේ කොණ්ඩය යෑම පිළිකා රෝගීන්ට බොහෝ විට ඇතිවන තත්ත්වයක් නිසා මහරගම පිළිකා රෝගීන්ට බොරු කොණ්ඩා (Wig) නිර්මාණය කිරීම සඳහා මචිකෝ තමාගේ ලස්සන කොණ්ඩය පරිත්‍යාගය කරනු ලැබුවා.

“මගේ විදුහල්පති හා ගුරුවරු පාසලට හිස බූ ගාගෙන ඒම සඳහා අවසර දුන්නා. මට අවශ්‍ය නැහැ හිස තොප්පියකින් වසාගෙන යන්න. මට ඕන සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න. අපි මනුෂයෝ ලෙසට උදව් කිරීම මනුෂ්‍යත්වයට කරන ගෞරවයක්” බවයි එකල මචිකෝ පැවසුවේ.

ජාතික පිහිනුම් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ඇය සියල්ලන් පුදුමයට පත් කරමින් පිළිකා රෝගීන් වෙනුවෙන් තමාගේ දිගු වරලස කපා මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කිරීමට කටයුතු කිරීම ඉතා සංවේදී අවස්ථාවක් වුණා.

අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් අරමුදලක් ද ආරම්භ කරනු ලැබූ මචිකෝගේ සොයුරිය කිමිකෝ රහීම් අද(7)තම මවුබිම වෙනුවෙන් රියෝ ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා.

මේ වන විට දාහත් හැවිරිදි වියේ පසුවන කිමිකෝ රහීම් මේ වන විට ශී‍්‍ර ලංකා පිහිනුම් වාර්තා 6කට හිමිකම් කියනවා.

නිමාවූ 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළලේදී කිමිකෝ රහීම් රන් පදක්කම් 5ක් දිනා ගත්තේ ද නව දකුණු ආසියානු වාර්තා දෙකක්ද සමගින්.

පිළිකා රෝගීන් වෙනුවෙන් සිය කෙස් කළඹ කපා පරිත්‍යාග කරමින් නව වැඩපිළිවෙලකට අත්පොත් තැබූ මචිකෝගේ සොයුරිය අද ඔලිම්පික් තරග බිමට පිවිසෙද්දී සතුටු වන පිරිස අතර පිළිකා රෝගයට ලක්වූ ලාංකිකයන් කොතරම් සිටිනු ඇත්ද?

k1 k2 k3 k4 k5