Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රවාහන සේවා ක්‍රමයෙන් යථා තත්ත්වයට




සියළු කාර්යාලීය දුම්රිය අද සිට ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

දුම්රිය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු කියාසිටියේ සියළු මගීන් දුම්රිය ස්ථානවල ස්ථාපිත සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවයි.

ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ සිය බස් රථ ද සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර ඇති බවයි. මේ අතර, මහනුවර නගර සීමාවේ වසා දමා තිබූ පාසල් 45 න් 42 ක්ම අද සිට විවෘත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පැවසුවා.