Friday, May 17, 2024

General line - 0115112241

රුපියල් මිලියන 27 කට අධික වටිනාකමකින් යුත් කහ සහ එනසාල් තොගයක් යුද හමුදා භාරයට 




රුපියල් මිලියන 27 කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝ ග්‍රෑම් 4300ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 80ක් සමග සැකකරුවෙකු  මන්නාමර, පේසාලේ  ප්‍රදේශයේදී යුද හමුදාව විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත්තේ යුද හමුදාවේ 54 වන සේනාංකයට අයත් 543 වෙනි බල සේනාංකයේ භට  පිරිස් විසින්ය.

මෙහිදී මෙම කහ සහ එනසාල් තොගය ප්‍රවාහනය කිරීමට යොදා ගනු ලැබූ කැබ් රථයක් ද යුද හමුදා භට පිරිස් විසින් සිය භාරයට ගෙන ඇත. 

අත්අඩංගුවට ගනු ලැබූ කහ සහ එනසාල් තොගය හා සැකකරුව වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලිසියට භාරදී ඇත.