Friday, May 17, 2024

General line - 0115112241

මතභේදයට තුඩු දුන් පොලොන්නරුව වනෝද්‍යානයේ හඳුනා නොගත් රෝගයක් : සතුන්ගේ ජිවිත අවධානමක 




පොලොන්නරුව ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් සොරුවිල, විල්ලූව හා හඳපාන් විල්ලූවට ඇතුල් කර සිටින ගවයින්ට හඳුනා නොගත් රෝගයක් වැළඳී ගවයින් 25 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වනෝද්‍යානයේ  ජීවත්වන  වන සතුන්ට ද එම රෝගය බෝ වීමේ බරපතල අවදානමක් මතුව ඇති බවයි. 

ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව, වනජිවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් හා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් පිරිසක් පසුගිය 12 වනදා එම ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක කළ නිරීක්ෂණ මෙහෙයුමේදී එලෙස මියගොස් සිටි ගවයින්ගේ මළ සිරුරු දැක තිබෙනවා.

එම නිරීක්ෂණ මෙහෙයුමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් සඳහන් කළේ මෙය වසංගත රෝග තත්ත්වයක් බවට අනුමාන කරන බවයි. ඒ 

සම්බන්ධයෙන් ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයෙන් පරික්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. රෝගී ගවයින් සොයා කඩිනමින් ප‍්‍රතිකාර සිදු කිරීමට නියමිත අතර ජාතික වනෝද්‍යාන තුළට ගෘහාශ‍්‍රිත සතුන් ඇතුළත් කිරීමෙන් වළකින ලෙසයි වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.