Friday, May 17, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 444ක් 




පසුගිය ඔක්තෝම්බර් මස 04 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 14,551 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් 

වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 444 දෙනා සමගින්. ඒ අනුව බොරැල්ල ප‍්‍රදේශයෙන් 156 දෙනෙකු, මට්ටක්කුලිය ප‍්‍රදේශයෙන් 53 දෙනෙකු සහ කොළඹ 02 ප‍්‍රදේශයෙන් 49 දෙනෙකු ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. 

ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 75 ක්. අම්පාර දිස්ති‍්‍රක්කයෙන් 41 දෙනෙකු, කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් 22 දෙනෙකු සහ කළුතර දිස්ති‍්‍රක්කයෙන් 19 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 32,790 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් 23,793 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,845 ක්. මෙරටදී මේ වනවිට කොරෝනා මරණ 152 ක් සිදුව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.