Friday, May 17, 2024

General line - 0115112241

බයිඞ්න්ගේ මැතිවරණ ජය නිල වශයෙනුත් තහවුරු වෙයි




අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්ගේ ජයග‍්‍රහණය තවදුරටත් තහවුරු වී තිබෙනවා. ඒ, ජෝ බයිඞ්න් හිමිකර ගත් මැතිවරණ කොට්ඨාශවල ජය නිල වශයෙන් තහවුරුවීමත් සමගයි. අමෙරිකාවේ සියලූ මැතිවරණ කොට්ඨාශවල නියෝජිතයින් ඊයේ රැස්වී ඇති අතර එහිදී ඔවුන් සිය කොට්ඨාශවල ජය ලබා ඇති අපේක්ෂකයින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

 ඒ අනුව ජෝ බයිඞ්න්ට පැහැදිළිව ඡන්ද කොට්ඨාශ 306 ක ජය හිමිවී ඇති අතර, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට හිමිව ඇත්තේ ජන්ද කොට්ඨාශ 232 ක් පමණයි. ඒ අනුව ජෝ බයිඞ්න්ට, එළඹෙන ජනවාරි 20 වනදා බාධාවකින් තොරව අමෙරිකාවේ පාලන බලය හිමිකර ගත හැකි බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

කෙසේවෙතත්, ඡන්ද කොට්ඨාශවල නියෝජිතයින්, ජෝ බයිඞ්න්ගේ ජය තහවුරු කිරීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙතෙක් කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. එහෙත්, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අමෙරිකානු නීතිපති විලියම් බාර්, ඊයේ එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. 

ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයේ ප‍්‍රථිපළ දුෂිත බවට ප‍්‍රකාශ කරන ලෙස, ජනාධිපතිවරයා බලපෑම් කළත්, ඒ අනුව කටයුතු කිරීමට නීතිපති විලියම් බාර් අපොහොසත් වුණා. ඒ හේතුවෙන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ නීතිපති විලියම් බාර් අතර මතගැටුම් පැවැති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.