Friday, May 17, 2024

General line - 0115112241

නීතිවිරෝධීව ගෙන්වූ කහ කිලෝ 847 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට




නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ තවත් කහ කිලෝ 800 කට අධික ප‍්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හලාවත සහ සිලාවතුර ප‍්‍රදේශවල සිදුකළ වැටලීම්වලදීයි.

හලාවත, බංගදෙණිය, කරුකුපනේ ප‍්‍රදේශයේදී පොලීසිය සිදුකළ වැටලීමකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතතේ කහ කිලෝ 200 ක් සමගයි. සිලාවතුර පොලීසිය සහ නාවික හමුදාව අරිප්පුවෙරළ ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කහ කිලෝ 647 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.