Friday, May 17, 2024

General line - 0115112241

නිරෝධායන රෙගුලාසි නොතකමින් පවත්වාගෙන ගිය ගිනිගත්හේනේ රාෆ්ටින් මධ්‍යස්ථානයක් වසා දැමේ

රංජිත් රාජපක්ෂ - හැටන් 




සෞඛ්‍ය රෙගුලාසිවලට පටහැනිව ගිනිගත්හේන, පිටවල යටිබේරිය ප‍්‍රදේශයේදී කැළණි ගඟ ආසන්නයේ පවත්වාගෙන ගිය ජල කී‍්‍රඩා සඳහා පහසුකම් සපයන රාෆ්ටින් සේවා මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින්. එම රාෆ්ටින් මධ්‍යස්ථානයේ සේවකයින් නිරෝධායනයට ලක් කර ඔවුන් PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අදාළ ස්ථානයට යන විට එහි සංචාරකයින් පිිරිසක් ද සිට ඇති අතර ඔවුන් ආපසු හරවා යැවීමට ද පියවර ගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.