Friday, May 17, 2024

General line - 0115112241

ගුවන් හමුදා යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටේ : ගුවන් නියමුවා ජිවිතක්ෂයට (UPDATE)




ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා.

මෙම ගුවන් අනතුරෙන් ගුවන් නියමුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. එම අනතුරෙන් මියගොස් ඇත්තේ කේ ආර් එස් වී පී අමරකෝන් නමැති ගුවන් හමුදා කෙඩෙට් නිලධාරීයෙක්. 

අද උදෑසන ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා පුහුණු පාසැලෙන් පුහුණුවීම් සඳහා පිටත්ව ගිය මෙම ගුවන් යානය ගුවන් ගමන් පාලක මැදිරිය සමග පැවැතී සම්බන්ධතා බිඳී ගොස් ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ.

මෙම ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයේ පිහිටි ජනරංජන වැව් බැම්ම ආසන්නයට කඩා වැටී තිබුණා.