Friday, September 20, 2024

General line - 0115112241

එදා නොලැබුණු අවස්ථා..අද ලැබෙන අවස්ථා.. – ඉතිහාසය වෙනස් කළ රංගන කරන හෙළිදරව්ව මෙන්න



වසර 17 කට පසුව ඕස්ට්‍රේලියා කණ්‌ඩායම පරාජය කිරීමේ වැඩි ගරුත්වය හිමිවන්නේ රංගන හේරත් ක්‍රීඩකයායි.

ඉතිහාසය වාර්තමානය සහ අනාගතය පිළිබඳව ඔහු සමග කරන ලද සාකච්ඡාවක ඇතුළත් වැදගත් තොරතුරු රැසක් පහතින් දැක්වෙනවා.

 

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව බිරිඳ මොකද කිව්වේ?
ඇත්තටම එයා ගොඩක්‌ සතුටු වෙනවා මේ ජයග්‍රහණය සම්බන්ධයෙන්.

පුතාලා දෙන්නගේ දැන් වයස කීයද?
ලොකු පුතාට අවුරුදු හතරයි. පොඩි පුතාට අවුරුදු එකහමාරයි.

කවදහරි පුතාලා දෙන්නත් ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ වෙනවට කැමතිද?
එයාලගේ කැමැත්තට ඉඩ දෙනවා. අපි ඒ ගැන හිතලා නෑ තාම

තව කොපමණ කාලයක්‌ ක්‍රීඩා කරන්නද ඔබේ බලාපොරොත්තුව?
ඒ ගැන තාම තීරණය කරලා නැහැ. මගේ ශාරීරික යෝග්‍යතාව අනුව ඒක තීරණය වෙයි.

මුරලි ක්‍රීඩා කරන කාලේ ඔබට ක්‍රීඩා කරන්න අවස්‌ථාව මීට වඩා ලැබුණ නම් දවාගන්න තිබුණ කඩුලු සංඛ්‍යාව මීට වඩා දෙගුණ වෙන්න තිබුණා නේද?
මං පසුගිය දේවල් ගැන වැඩිය හිතන්නේ නැහැ. මට ලැබෙන අවස්‌ථාවෙන් උපරිමය කණ්‌ඩායම වෙනුවෙන් ලබා දෙන එක තමයි මගේ එකම අරමුණ.

ඔබේ ටෙස්‌ට්‌ කඩුලු ඉලක්‌කය කොච්චරද?
කිසිම ඉලක්‌කයක්‌ නෑ. මගේ වයසයි ශාරීරික යෝග්‍යතාවයි එක්‌ක තරගයෙන් තරගයට තමයි මං සැලසුම් සකස්‌ කරන්නේ.

එක්‌දින හා විස්‌සයි විස්‌ස තරග ක්‍රීඩා නොකරන නිසා දැන් තියෙන නිදහස කොහොමද දැනෙන්නේ?
මෙහෙමයි, එක්‌දින හා විස්‌සයි විස්‌ස තරගවලට ක්‍රීඩා කළේ නැති වුණා කියලා ලොකු නිදහසක්‌ නෑ. නිතරම පුහුණුවීම් වල නිරතවෙනවා. ඒ වගේම දරුවන්ගෙ වැඩ තියෙනවා ඒවත් එක්‌ක ලොකු වෙනසක්‌ නෑ.

ඉදිරියේදී දක්‌ෂතා අතරින් ඉදිරියට පැමිණෙයි කියල හඳුනගෙන තියෙන දඟ පන්දු යවන්නන් කවුරුන්ද?
මං හිතනවා ලක්‌ෂාන් සඳකැන් ඉදිරියේදී අපේ කණ්‌ඩායමට හොඳ ආයෝජනයක්‌ වෙයි කියලා. දිල්රුවන්, කෞෂාල් දක්‌ෂතා අතර ඉන්න පන්දු යවන්නෝ. ඒ වගේම ඉන්න නවක පන්දු යවන්නන්ට වැඩියෙන් තරග ලබාදීලා පළපුරුද්ද ලබාදෙන්න ඕනේ.

ලක්‌ෂාන් සඳකැන් ක්‍රීඩා කරනවා ඔබ මුලින්ම දැක්‌කේ එදා තරගයේදීද?
නෑ. ඔහු කලින් ශ්‍රී ලංකා සංචිතයට ආපු වෙලාවේ ඔහු පුහුණුවෙනවා දැකලා තියෙනවා. ඔහු අපිට අලුත් කෙනෙක්‌ නෙමෙයි.

සඳකැන් චයිනමන් පන්දු යවන්නෙක්‌. ඔහු අනෙක්‌ වමත් දඟ පන්දු යවන්නන්ට වඩා විශේෂයි නේද?
ඔව්. එදා තරගය බලපු ඕන කෙනෙක්‌ට ඒක පැහැදිලිව පේන දෙයක්‌. ඔහුට හොඳ පාලනයක්‌ ඇතිව පන්දු යෑවීමේ හැකියාව තියෙනවා. අනිවාර්යයෙන් ඔහු ඉදිරියේදී හොඳ ආයෝජනයක්‌ වෙනවා.