Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න පාලනය කරයි (UPDATE/PHOTOS)




කොළඹ, අලුත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හට ගනු ලැබූ ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. 

අද පස්වරුවේ හට ගත් ගින්න පාලනය කිරිමට ගිනි නිවීමේ හමුදාවට අයත් රථ 09ක් යොමු කෙරුණා.

ඇතිවූ ගින්න හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු වාර්තා ගබඩා කර ඇති ගබඩා කාමරයට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හට ගත් ගින්න සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකිරිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 03ක් යොදවා තිබෙනවා.

අධිකරණ අමාත්‍යංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුනේ නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ උපරාධිකරණ සංකීර්ණයේ අබලි ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක ගින්න හටගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව ද අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.  

...............................................

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් (PHOTOS)

(15-12-2020 4:29)

කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 08ක් පිටත්කර යවා ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.