Friday, May 17, 2024

General line - 0115112241

මධ්‍යම අධිවේගයේ තවත් කොටසක වැඩ ඇරඹේ




මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සහ ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන 19 වන සෙනසුරාදා ආරම්භ කිරීමට මහා මාර්ග අමාත්‍යංහය කටයුතු යොදා තිබෙනවා. 

එම ඉදිකිරීම් සමාරම්භ කරමින් මුල්ගල් තැබීම එළඹෙන 19 වන සෙනසුරාදා පෙරවරු 11 යි 30 ට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර කිහිපයක ඉදිකිරීම් මීට පෙර ආරම්භ කර කි‍්‍රයාත්මක කෙරුණ ද, පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් විවිධ හේතූන් මත දිගින් දිගටම කල් දැමීමට සිදුවුණා. 

පවතින ගැටළු විසඳා අදාළ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබුණා.