Friday, May 17, 2024

General line - 0115112241

වාහන අංක තහඩු සම්බන්ධ නව තීරණය ක්‍රියාත්මක කිරීම ජනවාරි පළමුවෙනිදා සිට




වාහන අංක තහඩු නිකුත් කිරීමේදී මෙතෙක් ඊට ඇතුළත් කළ පළාත් අක්ෂර ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනුලැබූ තීරණය ලබන ජනවාරි මස 01 වනදා සිට කි‍්‍රයාත්මක කරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. 

එම තීරණය අනුව දැනට ලියාපදිංචි කර ඇති වාහන එක් පළාතකින් තවත් පළාතක පුද්ගලයෙකුට විකිණීමේදී අංක තහඩු වෙනස් කිරීම අවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. 

මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළා.