Friday, May 17, 2024

General line - 0115112241

ආසන ගණනට මගීන් ගෙනයාමේ නිරෝධායන නියෝගයට බස් සංගම්වලින් විරෝධය




පොදු ප‍්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා වාහනවල ආසන ගනණට පමණක් මගීන් ප‍්‍රවාහන කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නියෝගයට එකග විය නොහැකි බව බස්රථ හිමියන් පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එම නියෝගය නිකුත් කිරීමට අදාළ කරගත් නිර්ණායක මොනවාදැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප‍්‍රශ්න කරන බවයි. 

මීට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කළහොත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගමගෙන් ද නෙත් නිවුස් කරුණු විමසුවා. සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන බස්රථ සේවකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.