Friday, May 17, 2024

General line - 0115112241

CID ය, මහර කැරැල්ල නිර්මාණය කළ අය හඳුනාගනී




මහර බන්ධනාගාරය තුළ කැරැුල්ලක් නිර්මාණය කළ සැකකරුවන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් හඳුනා ගැනීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර නිලධාරීන්, රැඳවියන් ඇතුළු 344 දෙනෙකුගෙන් මේවනවිට ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.  

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව අද ලබාදීමට නියමිත බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.