Friday, May 17, 2024

General line - 0115112241

පාර මාරුවෙමින් සිටි මව සහ පුතා කැබ් රථයක ගැටී ජිවිතක්ෂයට : රියදුරු ඇතුළු තිදෙනෙකු පළා යයි




අනුරාධපුරය - පාදෙණිය ප‍්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක් සහ අවුරුදු තුනහමාරක් වයසැති ඇගේ පුත‍්‍රයා මියයාමේ සිද්ධියට අදාළ කැබ්රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ අනතුර සිදුවීමෙන් පසු සැකකාර රියදුරා සහ එහි ගමන්ගත් 02 දෙදෙනෙකු පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.  

බීමත්ව සහ අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි උත්සව සමයේ විශේෂ මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට ද පොලීසිය තීරණය කර තිබෙනවා. පොදු ප‍්‍රවාහන බස්රථ නිරීක්ෂණයට ලබන 20 වනදා සිට සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.