Sunday, May 19, 2024

General line - 0115112241

අවුරුදු 60 ට වැඩි අයට ස්පුට්නික් එන්නත දීමට රුසියාවෙන් අවසර




රුසියාව විසින් නිපදවූ ප‍්‍රධානතම කොවිඞ් මර්දන එන්නත වන ස්පුට්නික් - වී එන්නත වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ලබා දීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා. එම වයස් කාණ්ඩයේ පුද්ගලයින් යොදාගනිමින් වෙන වෙනම සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව එලෙස ස්පුට්නික් - වී එන්නත වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ලබා දීමට නිර්දේශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතරින් රුසියාවට හිමි වන්නේ සිව්වන ස්ථානයයි. මේ වනවිට රුසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තිස්ලක්ෂ 21,964 ක්. එරටින් සමස්ත කොරෝනා මරණ 54,226 ක් ද වාර්තා වනවා.