Friday, May 17, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් දෙදෙනෙකු දකුණු අපි‍්‍රකානු තරගාවලියෙන් ඉවතට




ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන කසුන් රාජිතට සහ ළහිරු කුමාරට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැති පළමුු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දී ආබාධවලට ලක්වීම හේතුවෙන්.

පාදයේ ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වාට ද සති දෙකක කාලයක් විවේක ගැනීමට සිදුවීම හේතුවෙන් ඔහුට ද දෙවන ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. දෙවන ටෙස්ට් තරගයේදී ලහිරු තිරිමාන්න, චමීර දුෂ්මන්ත සහ අසිත ප‍්‍රනාන්දුට අවස්ථාවක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. 

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර්, ඊයේ තරගයෙන් අනතුරුව ප‍්‍රකාශ කළේ වාසනාවකට කී‍්‍රඩකයින් 21 දෙනෙකු මෙම ටෙස්ට් තරගාවලිය සදහා දකුණු අපි‍්‍රකාව බලා පිටත්ව ආ බවයි.

එසේ නොවන්නට මීළග තරගයේදී පිතිකරණ පුහුණුකරු, ග‍්‍රාන්ඞ් ෆ්ලවර්ට අංක 3 පිතිකරු ස්ථානයේත්, තමන්ට අංක 4 පිතිකරු ස්ථානයේදී කී‍්‍රඩා කිරීමට සිදුවනු ඇති බවයි ශී‍්‍ර ලංකා ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මාධ්‍ය වෙත පැවසුවේ. ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ජනවාරි මස 03 වනදා ජොහැනස්බර්ග් හිදි ආරම්භ වීමට නියමිතයි.