Wednesday, May 15, 2024

General line - 0115112241

කොටදෙනියාවේ යකඩ කර්මාන්ත ශාලාවක පිපිරීමක්




කොටදෙණියාව, කරබොටුව ප‍්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීමෙන් එහි සේවය කළ ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

මේ අතර මාවනැල්ල, හිගුල, මොල්ලිගොඩ ප‍්‍රදේශයේ ගල් කොරියකින් පුපුරන ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධියට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තිදෙනා ලබන 7 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි ප‍්‍රකාශ කෙරුණේ.