Wednesday, May 15, 2024

General line - 0115112241

දින 03ක් තුළ දිස්ති‍්‍රක්ක 07කින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවේ




ඉකුත් දින 3 තුළ දිස්ති‍්‍රක්ක 7 කින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, බදුල්ල, යාපනය, කෑගල්ල සහ අනුරාධපුර එම දිස්ති‍්‍රක්ක වනවා. මඩකලපුව, මන්නාරම සහ මොණරාගල දිස්ති‍්‍රක්කවලින් ඊයේ දිනයේ වාර්තා වූයේ එක් ආසාදිතයෙකු බැගින් බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ.

කෙසේවෙතත් ඊයේ දිනය තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 144 වාර්තා වන්නේ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන්. ඉන් වැඩිම පිරිස වන 77 දෙනෙකු වාර්තා වන්නේ මීගමුව ප‍්‍රදේශයෙන් වන අතර පල්ලන්සේන බන්ධනාගාරයෙන් හදුනා ගැණුනු ආසාදිතයින් 71 ක් සහ මීගමුව බන්ධනාගාරයෙන් හදුනා ගැණුනු ආසාදිතයින් 5 ක් ඊට ඇතුළත්. ගම්පහ ප‍්‍රදේශයෙන් 16 ක් සහ බියගම ප‍්‍රදේශයෙන් 12 ක් ලෙසද ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මහනුවර දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 96 ක්. ඒ අනුව  කටුගස්තොට ප‍්‍රදේශයෙන් 21 ක්, අලවතුගොඩ ප‍්‍රදේශයෙන් 20 ක් සහ ගම්පොල ප‍්‍රදේශයෙන් 10 ක් ලෙස ආසාදිතයින් වාර්තා වනවා.

කෙසේවෙතත් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේ වාර්තා වන්නේ ආසාදිතයින් 47 දෙනෙකු පමණක් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.  ඉන් වැඩිම පිරිස වන 11 ක් ගල්කිස්ස ප‍්‍රදේශයෙන් හදුනාගෙන ගෙන තිබෙනවා. 

නාරාහේ්න්පිට ප‍්‍රදේශයෙන් 10 ක්, බොරැල්ල ප‍්‍රදේශයෙන් 7 ක් සහ නුගේගොඩ ප‍්‍රදේශයෙන් 6 ක් ලෙස ආසාදිතයින් ඊයේ දිනයේ වාර්තා වුණා. 

මේ අතර පොළොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් 43 ක්, කුරුණෑගල හා මාතර දිස්ති‍්‍රක්කවලින් 33 ක් බැගින්, රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් 31 ක්, හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් 22 ක් සහ කළුතර දිස්ති‍්‍රක්කයෙන් 12 ක් ලෙස ආසාදිතයින් වාර්තා වූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 31 දෙනෙකු ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.