Tuesday, May 14, 2024

General line - 0115112241

ක්‍රිකට් ලොක්කන්ගේ ආදරය දිනූ කුසල් මෙන්ඩිස් යළිත් බිංදුවට යයි




සංචාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා.

එහිදි සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 157කට සියලූ දෙනා දැවී ගියා.

එහිදි තරගාවලියේ දෙවන වරටත් කුසල් මෙන්ඩිස් ලකුණු බිංදුවට දැවී ගියා. ඒ ඔහුගේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ 22වන බිංදුවයි. 2016 වසරෙන් පසු අන්තර්ජාතික පිටියේ වැඩිම බිංදු වර්තාවන් අතර ඔහු ඉදිරියෙන්ම සිටිනවා.

දිගින් දිගටම අසාර්ථක කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් හිමිවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඉහළම නිළධාරීන්ගේ ආශිර්වාදය හේතුවෙන් බවට පසුගියදා චෝදනා එල්ල වූවා.

යළිත් අසාර්ථක වූ නායක දිමුත් කරුණාරත්න ලකුණු 2යි. නායකයෙකු වශයෙන්ද සැලකිය යුතු දායකත්වයක් කණ්ඩායමට සිදු නොකරන ඔහුගේ ස්ථානය පිළිබඳවද විචාරකයන් ප්‍රශ්න කර සිටිනවා.

කුසල් පෙරේරා ලකුණු 60ක් රැස් කළා.