Tuesday, May 14, 2024

General line - 0115112241

වැඩි මිලට බඩු අලෙවි කරන ජංගම වෙළඳුන්ට වැඩ වරදියි




වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙඳුන් හේතුවෙන් කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාව පීඩාවට පත් වන්නේ නම් ඒ පිළිබද වහාම අදාළ අංශ දැනුවත් කරන්නැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප‍‍්‍රදීප් යසරත්න පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

ප‍‍්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙදුන් පිළිබදවද වහාම දැනුවත් කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. එවැනි ජංගම වෙළෙදුන් සොයා කොළඹ දිස්ති‍්‍රක්කය තුළ අඛණ්ඩව මෙහෙයුම් කි‍‍්‍රයාත්මක බවද කොළඹ දිස්ති‍්‍රක් ලේකම් ප‍‍්‍රදීප් යසරත්න නෙත් නිවුස් වෙත සදහන් කළා.

කොළඹ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමත් සමග සුපුරුදු පරිදි ජංගම වෙළඳුන් යළි සිය වෙළඳාම් කටයුතුවල නිරත වෙමින් සිටිනවා. එහෙත් ඇතැම් වෙළඳුන් වැඩි මිලට සහ ප‍්‍රමිතියෙන් තොරව භාණ්ඩ අලෙවි කරන බවටයි නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණේ.