Monday, May 13, 2024

General line - 0115112241

පකිස්තාන මානව හිමිකම් ක්‍රියාකාරිනියගේ මරණය ගැන පුලුල් පරීක්ෂණයක් ඉල්ලා කැනඩාවට දැඩි බලපෑම්




කැනඩාවේදී පසුගියදා සිදුවූ  පකිස්තාන මානව හිමිකම් ක්‍රියාකාරිනි කරීමා බලුච්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස කැනඩාවට දැඩි ලෙස  බලපෑම් එල්ල වෙමින් තිබේ.

අදාළ මරණය⁣ සිදුවූ ආකාරය මෙතෙක් පැහැදිළිව අනාවරණය වී නොමැති අතර නිවසින් අතුරැදන් ව සිටි කරීමා බලුච්ගේ මළසිරැර පසුදින සොයා ගනු ලැබුවේ ඔන්ටාරියෝ විල අසබඩ ප්‍රදේශයකින්.

මානව හිමිකම් ක්‍රියාකාරින් පවසන්නේ කැනඩාවේ ජීවත් වෙමින් පකිස්තානයේ මානව හිමිකම් කඩකිරීම් පිලිබදව ලෝකයට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇයට පකිස්තානයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම් වෙතින් බරපතල ලෙස ජීවිත තර්ජන පැවති බවයි.

මෙම ඝාතනයට විරෝධය පළ කරමින් සහ ඒ පිලිබද විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බල කරමින් වන උද්ඝෝෂණ පසුගිය සතිය පුරා ඇමරිකාව,කැනඩාව, ප්‍රංශය, නෙදර්ලන්තය,ජර්මනිය ඇතුලු රටවල් ගණනාවක ප්‍රධාන නගර රැසකදී පැවත්විණ.

විරෝධතාවලට එක්ව සිටි පිරිස් සදහන් කළේ කැනඩා බලධාරීන් මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකර සත්‍ය හෙළිදරව් කරනතුරැ තමන්ගේ විරෝධතා දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවයි.