Tuesday, May 14, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ පාසැල්වල සාමාන්‍ය පෙළ පන්ති සම්බන්ධයෙන් ගත් තීරණය




හුදෙකලා ප‍්‍රදේශ හැර බස්නාහිර පළාතේ සෙසු ප‍්‍රදේශවල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් සඳහන් කළේ ඒ අනුව එම පාසැල්, 11 ශ්‍රේණි සඳහා ජනවාරි 25 වනදා සිට විවෘත කෙරෙන බවයි. 

මේ අතර මෙම වසරේ නව පාසැල් වාරය ලබන 11 වනදා සිට ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර තීරණය කර තිබුණේ. ඒ අනුව බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල පිහිටි පාසැල් සෙසු සියලූ පාසැල්වල ප‍්‍රාථමික ශ්‍රේණි ද ඇතුළුව සියලූ ශ්‍රේණි සඳහා පාසැල් විවෘත කෙරෙනු ඇති.