Monday, May 13, 2024

General line - 0115112241

⁣හොංකොං ක්‍රියාකාරිකයන් දස දෙ⁣නෙකුට චීනයෙන් සිර දඩුවම්




බෝට්ටුවකින් තායිවානයට පළායාමට උත්සහ කළ හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයන් දස දෙනෙකුට චීනයේ සෙන්ජෙන්හි අධිකරණයක් මගින් වසර තුනත් මාස හතත් අතර සිර දඩුවම් නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිරිස අතර සිටි  බාලවයස්කරැවන් දෙදෙනෙකු අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා හොංකොං බලධාරීන් වෙත භාරදීමට චීනයේ සෙන්ජෙන් අධිකරණය  වැඩිදුරටත්  නියෝග කළ බවයි.

හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී  විරෝධතාවලට  සම්බන්ධ වී සිටි මෙම පිරිස එහිදී මතුවූ  අවදානම් තත්වයෙන් මිදීම සදහා අධිවේගී බෝට්ටුවකින් තායිවානයට පලායමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීයි.

චීන වෙරලාරක්ෂක බලකාය මගින් සිදුකළ මෙම  අත්අඩංගුවට ගැනීම සහ ඊට අදාළ ගව චීනය විසින් සිදුකළ  නඩු විභාගය සම්බන්ධයෙන්  ලෝකයේ රටවල් ගණනාවක අවධානය යොමුවී තිබිණ.

මෙහිදී යුරෝපා සංගමය ඇතුලු රටවල් රැසක් ප්‍රකාශ කර ඇත්තේ මෙම පිරිසට සාධාරණ නඩු විභාගයක් සදහා අවස්ථාව නොලැබුණු බවයි.