Saturday, May 11, 2024

General line - 0115112241

සෞඛ්‍ය රීති කඩන ආයතන ගැන පොලීසිය සීරුවෙන්




මාලිගාවත්ත, NHS මහල් නිවාස සංකීර්ණය හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ අද උදෑසන සිට මෙම තීරණය කි‍්‍රයාත්මක බවයි. 

කොළඹ දිස්ති‍්‍රක්කයේ මෝදර පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසමේ අලූත්කඬේ බටහිර හා නැගෙනහිර ග‍්‍රාම නිලධාරී වසම් අද අලූයම 05 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරුණා. එමෙන්ම බොරැුල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග‍්‍රාම නිලධාරී වසම සහ මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත ප‍්‍රදේශය ද එලෙස  හුදෙකලා භාවයෙන් මුදා හැරුණු ප‍්‍රදේශ අතරට අයත්. 

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත හා මීගහවත්ත ග‍්‍රාම නිලධාරී වසම්, පට්ටිය උතුර ග‍්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත, පෑලියගොඩ ගගබඩ ග‍්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත්ත ප‍්‍රදේශද අද අලූයම පහේ සිට හුදෙකලා භාවයෙන් මුදා හැරියා. කිරිබත්ගොඩ පොලිස් වසමට අයත් විලේගොඩ උතුර ග‍්‍රාම නිලධාරී වසමේ ශ‍්‍රී ජයන්ති මාවත ද හුදෙකලා භාවයෙන් මුදා හැරුණා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙම ප‍්‍රදේශවල ජනතාව නිරෝධායන රීති ආරක්ෂා කිරීමට සහයවීම හේතුවෙන් මෙලෙස හුදෙකලා තත්ත්වයන් ඉවත් කෙරුණු බවයි. 

මේ අතර කොරෝනා තත්ත්වය යටතේ නිකුත් කර ඇති නිරෝධායන රෙගුලාසි නිසිලෙස කි‍්‍රයාත්මක නොවන ආයතන සම්බන්ධයෙන් ද මේවනවිට තොරතුරු ලැබී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. එවැනි ආයතන සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බව ද ඔහු කියා සිටියා. 

මේ අතර අද උදෑසන 06 න් අවසන් වූ ගත වූ පැය 24 තුලදී මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුසර්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළු නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුලදී නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2098 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.