Sunday, May 12, 2024

General line - 0115112241

බගවන්තලාවේ නිවාස පෙළක් හුදෙකලා කෙරේ

රංජිත් රාජපක්ෂ




බගවන්තලාව නෝර්වුඞ් ඉන්ජස්ටි‍්‍ර වතුයායේ පිහිටි නිවාස පෙළක් හුදෙකලා කර තිබෙනවා. කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයින් පිරිසක් හඳුනා ගැනීම හේතුවෙන් අදාළ නිවාස පෙළ එලෙස හුදෙකලා කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

හුදෙකලා කෙරුණු නිවාස පෙළෙහි පවුල් 10 කට අයත් පුද්ගලයින් සිටින බවත්, ඔවුන්ට PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර කොළඹ සිට බගවන්තලාව කැම්පියන් වතුයායේ පිහිටි සිය නිවෙස බලා ගමන් කරමින් සිටි කාන්තාවක් ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. ඒ, ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපලේදී ඇයට අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකදීයි.