Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්දියාවේ සංචාරයකට සජිත්ට ඇරයුමක්

රංජිත් රාජපක්ෂ - හැටන් 




දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හමුවක් අද සිදු වුණා. ඒ, කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදීයි. එහිදී දෙරටේ සබඳතා පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා සුහද සාකච්ඡුාවක නිරත වී තිබෙනවා. 

මේ අතර, ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාවක් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල නිවසේදී ඊයේ පැවැත්වුණා. දෙරටේ ද්වීපාර්ශවීය සබදතා පිළිබඳව සහ දිගු කලක් තිස්සේ දෙරටෙහි පවත්නා ඓතිහාසික සම්බන්ධතාවය පිළිබඳව දෙපාර්ශවය එහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඉන්දියාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ‍්‍රමනියම් ජයශංකර් එහිදී විපක්ෂ නායකවරයා වෙත විශේෂ ආරාධනාවක් ද කර ඇති බවයි විපක්ෂ නායක කාර්යයාලය පැවසුවේ.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡුා පැවැත්වුවා.