Friday, May 17, 2024

General line - 0115112241

සීනි බදු සංශෝධනයේ වාසිය ජනතාවට ලැබුණාද - පාර්ලිමේන්තුව වාර්තාවක් කැඳවයි




සීනි බදු සංශෝධනයේදී එහි වාසිය පාරිභෝගිකයින්ට හිමි වන්නේ ද යන්න පිළිබඳව අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරක සභාව වෙත ලබාදෙන ලෙස එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර පි‍්‍රයදර්ශන යාපා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා. 

ඉකුත් වසරේ ඔක්තෝ්ම්බර් මස 13 වන දින නිකුත් කළ ගැසට් පත‍්‍රයක් මගින් සීනි ආනයනය කිරීමේදී කිලෝග‍්‍රෑම් 1 ක් ස`දහා එතෙක් පැවති රුපියල් 50 ක බදු මුදල සත 25 ක් දක්වා අඩු කෙරුණා. එම බදු සංශෝධනය මගින් පාරිභෝගිකයින්ට කිසිදු වාසියක් ලැබී නොමැති බවයි මුදල් කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කර ඇත්තේ. 

මේ අතර, ඉදි කිරීම් සඳහා ගෙන්වන යකඩ කුළුණුවලට අදාළ බදු සංශෝධනයෙන් ද සාමාන්‍ය පාරිභෝගිකයින්ට වාසියක් හිමිවන්නේ ද යන්න පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද මුදල් කාරක සභා සභාපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.