Friday, May 17, 2024

General line - 0115112241

බෙල්ජියමේ සිට ගුවන් තැපෑලෙන් ආ මත්පෙති 18,000 ක් රේගු භාරයට




බෙල්ජියමේ සිට ගුවන් තැපැල් සේවාව මගින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ එක්ස්ටර්සි හෙවත් මෙතපිටමින් වර්ගයට අයත් මත්පෙති කිලෝ 09 ක් අද රේගු භාරයට ගැනුණා.

මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ පාර්සල් 03 ක අසුරා තිබූ මෙතපිටමින් මත්පෙති 18,000 ක් එහිදී සොයාගත් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න පැවසුවේ. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 13 හමාරකට අධික වන අතර මෙය ආසියාවේදී අත්අඩංගුවට ගැනුණු විශාලතම මත්පෙති තොගය වන බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.