Wednesday, May 22, 2024

General line - 0115112241

තවත් දේශීය ඔසු කිහිපයක් සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට සැලසුම්




කොරෝනා වෛරසය මර්දනය කළ හැකි බවට විශ්වාස කෙරෙන තවත් දේශීය ඖෂධ 03 ක් ඉදිරියේදී සායනික පරීක්ෂණ සදහා යොමු කිරීමට අවදානය යොමු කරන බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසනවා. ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග පැවසුවේ, කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිපදවූ පැණිය සම්බන්ධයෙන් සිදු කෙරෙන සායනික පරීක්ෂණවලින් පසු අනෙකුත් දේශීය ඖෂධ සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට අවධානය යොමුව ඇති බවයි.

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට කොරෝනා ආසාදිතයින්ට ප‍්‍රතිකාර ලබා දීම මේ වනවිට ආරම්භ කර ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.