Tuesday, May 21, 2024

General line - 0115112241

අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වෙනසකටත් රජයේ අවධානය




ඉදිරි සතිය තුළ අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත්වනු ඇති බවට වාර්තා පළ වනවා.....
ඒ ඇතුළු දේශපාලන කරළියේ ඔබ නොදුටු නොඇසූ කතා ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.

මේ අතර, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් දිස්ති‍්‍රක් සම්බන්ධීකණ නිලධාරීන් පිරිසක් පත් කර තිබෙනවා. ඒ අනුව අමාත්‍යවරයාගේ කොළඹ දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක ලෙස පත් කර ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන තරුණ පෙරමුණේ විධායක සභික රමේෂ් ප‍්‍රනාන්දුයි. සියළුම දිස්ති‍්‍රක්ක නියෝජනය වන පරිදි දිස්ති‍්‍රක් සම්බන්ධීකණ නිලධාරීන් 45 කට ආසන්න පිරිසක් පත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

තරුණ සුබ සාධන කටයුතු ඇතුළු වගකීම් ගණනාවක් එම නිලධාරීන් වෙත පවරා තිබෙනවා. එම පත්කිරීම්, වැටුප් රහිත පත් කිරීම් වන බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.