Thursday, May 16, 2024

General line - 0115112241

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ඇරඹේ 




2020 උසස් පෙළ විභාගයට අදාළ ප‍්‍රායෝ්ගික පරීක්ෂණ මේ වන විට ආරම්භ වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප‍්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප‍්‍රවේශ පත‍්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතු බවයි.

නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ප‍්‍රදේශවල සිට ප‍්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වන සිසුන්ට ඒ සඳහා අවසර පත‍්‍රයක් ලෙස ප‍්‍රායෝගික පරීක්ෂණ ප‍්‍රවේශ පත‍්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

ඒ පිළිබඳ තොරතුරු 0112 784 208, 0112 784 537, 0113 188 350 හෝ 1911 යන දුරකථන ඇමතීමෙන් ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.