Friday, May 17, 2024

General line - 0115112241

පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිසමෙන් ප‍්‍රකාශයක්




පළාත් සභා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බැවින් එම ඡන්ද විමසීම පැවැත්විය යුතුය යන්න සිය ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා. මාධ්‍ය ප‍්‍රධානීන් සමග මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡුාවකදී ඔහු මේ බව කියාසිටියා.

පළාත් සභා ඡන්දය නොපැවැත්වීමෙන් සිදුව ඇත්තේ එම ආයතන සදහා මහජන නියෝජිතයින් පත් කිරීම වැළැක්වීම පමණක් බවත් පළාත් සභාවලට පැවරී ඇති කාර්ය භාරයන් ඒ අයුරින්ම කි‍්‍රයාත්මක වන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

පළාත් සභා මන්තී‍්‍රවරුන් සදහා වැය වන වියදම්, මුදල් නාස්තියක් ලෙස ඇතැම් පාර්ශව පෙන්වා දෙනවා. කෙසේවෙතත් මුදල් කොමිසමේ වාර්තාවලට අනුව පළාත් සභාවල කාර්ය මණ්ඩල සහ මන්තී‍්‍රවරුන් වෙනුවෙන් වැය වන්නේ එම පළාත් සභාවල සමස්ත වියදමින් සියයට බින්දුවයි දශම 3 ක පමණ ප‍්‍රතිශතයක් බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවා.

එමෙන්ම විවිධ ක්‍ෂේත‍්‍රවලට අදාළ විශාල කාර්ය භාරයක් පළාත් සභා හරහා කි‍්‍රයාත්මක වන බවයි එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.