Wednesday, May 15, 2024

General line - 0115112241

පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදහස් 

ජවුෆර්ඛාන්




දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන සිද්ධියට අදාළ නඩුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර  සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ල්යාන් ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අද තීන්දු කළා. ඒ, අදාළ නඩුව මඩකලපුව මහාධිකරණ විනිසුරු ඞී එස් සුූසෙයිදාසන් ඉදිරියේ අද කැදවූ අවවස්ථාවේදීයි. 

එම නඩුව පසුගිය සදුදා කැදවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.

විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය නියෝග කළේ ඒ අනුවයි.  දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 වසරේ දෙසැම්බර් 25 වන දින   රාත‍්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරුණේ මඩකලපුව  ශාන්ත මරියා දේවස්ථානයේදීයි.

එම නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශිවනේෂතුරයි චන්ද්‍රකාන්තන් වසර 4 ක පමණ කාලයක් මීට පෙර රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියා.