Wednesday, May 15, 2024

General line - 0115112241

පුද්ගලයෙකුට පහර දුන් මන්තී‍්‍ර පුත‍්‍රයෙකු මහරගමදී අත්අඩංගුවට




රිය අනතුරක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට පහරදුන් බවට සැක පිට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චිගේ පුත‍්‍රයා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පුත‍්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේදී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදී දෙපාර්ශවය අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනෙක් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චිගේ පුත‍්‍රයා පහරදී තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.  

අනතුරුව ඒ සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරෙන් ඔහුගේ වාහනයට සුළු හානි සිදුව ඇති  බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගැණුනු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චිගේ පුත‍්‍රයා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.