Monday, May 20, 2024

General line - 0115112241

අධිසුඛෝපභෝගී ‘‘සිටි බස්’’ බස්රථ සේවාව ඇරඹේ




අධිසුඛෝපභෝගී ‘‘සිටි බස්’’ බස්රථ සේවාවේ පළමු අදියර මාකුඹුර, බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයෙන් අද ආරම්භ වුණා. පළමු අදියර යටතේ මාකුඹුර සිට පිටකොටුව දක්වා මෙම බස්රථ සේවාව කි‍්‍රයාත්මකයි. කොළඹ ප‍්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා ගමන් කරන මගීන්ට එම පහසුකම ලබාගැනීමේ අවස්ථාව පවතිනවා.

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පවතින රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම බස්රථ සේවාව කි‍්‍රයාත්මක කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස නෙත් නිවුස් වෙත පැවසුවේ. 

මෙම අධිසුඛෝපභෝගී ‘‘සිටි බස්’’ බස්රථ සේවාව ආවරණය වන ප‍්‍රදේශ පිළිබඳව ද මෙලෙස පැහැදිළි කෙරුණා.