Monday, May 20, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී කොළඹින් කොවිඩ් ආසාදිතයින් 214 ක්




මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් වැඩි පිරිසක් හඳුනා ගෙන ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. ඒ අනුව ඊයේ දිනයේ පමණක් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 214 ක්. ඉන් ආසාදිතයින් 48 දෙනෙකුම, කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. 

ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් පමණක් ඊයේ දිනයේදී ආසාදිතයින් 116 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කළුතර දිස්ති‍්‍රක්කයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 37 ක්. මහනුවර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 90 දෙනෙකු, කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 52 දෙදෙනෙකු, ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 30 දෙනෙකු, මාතර දිස්ති‍්‍රක්කයෙන් 19 දෙනෙකු, හා කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු ද ඊයේ දිනයේදී හඳුනා ගැනුණා. 

මේ අතර ඊයේ දිනයේදී බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සහ කළ පුද්ගලයින් සඳහා අහඹු ලෙස සිදුකල රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කළා. 

මේ අතර බස්නාහිර පළාතෙන් පිටත සිදුකළ මෙහෙයුම්වලදී මුව ආවරණ නොපැළඳීම ඇතුළුව නිරෝධායන රීති කඩකළ පුද්ගලයින් 24 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.