Thursday, May 16, 2024

General line - 0115112241

නව කොවිඩ් ප්‍රභේදය රටට ඇතුල්වීමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අවධානයෙන් 




මේ අතර බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වන විට ලොව තවත් රටවල් කිහිපයකටම ව්‍යාප්ත වී ඇති බැවින් විදේශ ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.

මෙරටට පැමිණෙන සියලුම ගුවන් මගීන් PCR පරීක්ෂණ වලට ලක් කරන බවත් එමෙන්ම ඔවුන්ව නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන බවත් නව වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීමට ඇති සියලු ඉඩ ප්‍රස්ථා ඇහිරීමට අවශ්‍ය සියලු කටයුතු කරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ දැනට කොරෝනා ආසාදිත රෝගීන් 21ක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.