Tuesday, May 7, 2024

General line - 0115112241

එංගලන්ත කි‍්‍රකට් පිල රැඳී සිටින හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා




ටෙස්ට් කි‍්‍රකට් තරග සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායම නවාතැන් ගෙන සිටින ගාල්ල ප‍්‍රදේශයේ හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ, අදාළ හෝටලයේ සේවකයින් සඳහා අද සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයකදීයි.

එම හෝටලයේ මුළුතැන්ගෙයි සේවය කරන සේවකයින් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් අනතුරුව සිදුකරන PCR පරීක්ෂණවලදී එංගලන්ත කී‍්‍රඩක මොයින් අලීට, කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා.

පසුව අනාවරණ වුණේ ඔහුට අසාදනය වී ඇත්තේ එංගලන්තය තුළ ව්‍යාප්තවෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය බවයි.