Tuesday, May 14, 2024

General line - 0115112241

කොරෝනා නව ප්‍රභේදය පාලනයට රජය ජනතා සහය පතයි




බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිරයාම පාලනය සඳහා ජනතා සහය අත්‍යාවශ්‍ය වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ අනුව ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අඛණ්ඩව සිදු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ. 

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට ප්‍රදේශ 04කින් ඉකු්ත්දා හදුනා ගැණුනා. ඒ, කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පැවසුවේ ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොවිඩ් නව ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගැනීමත් සමග ඉදිරියේදී දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. ඒ අනුව දිනක ආසාදිතයින් ඉදිරියේදී 1200 දක්වා වැඩි විය හැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසූවා.