Monday, May 13, 2024

General line - 0115112241

PHI ලා දැනුවත් නොකට පැවැත්වූ උත්සවයකින් කොවිඩ් ආසාදිතයින් 08ක් වාර්තා වෙයි

රත්නපුර - ලසන්ත නිරෝෂණ පෙරේරා




පැල්මඩුල්ල, පාතකඩ දේවාලේගම නිවෙසක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නොදන්වා පැවැත්වූ දැරියක් වැඩිවියට පත්වීමේ උත්සවයක කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වී ඇති අතර විශාල පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කරමින් සිටියි. 

ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ අනුව මෙම ආසාදිතයින් හෙළිවී ඇත.මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 05 දෙනෙකු පැල්මඩුල්ල, රිල්හේන ප්‍රදේශයෙන් ද, එක් අයෙකු බොරාලා ප්‍රදේශයෙන් ද, දෙදෙනෙකු සකික්න්ද ග්‍රාමයෙන් වාර්තා වී ඇති බවයි පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ.

දැරියක් වැඩිවියට පත්වීම නිමිත්තෙන් මෙම ප්‍රිය සාදය පසුගිය පෙබරවාරි මස 04 වෙනිදා පවත්වා ඇත්තේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැනුවත් කර නොමැතිවය.

මේ වන විට එම උත්සවයට පැමිණි පළමුපෙළ ආශ්‍රිතයින් විශාල පිරිසක් නිරෝධායනය කරමින් පවතින බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. 

පවතින තත්ත්වය හමුවේ වගකීම් සහිතව කටයුතු කරන ලෙස පැල්මඩුල්ල ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරන්නේ.

මේ අතර ගෙවී ගිය දින දෙක තුලදී පමණක් පැල්මඩුල්ල කොට්ඨාශයෙන් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇත.