Monday, May 13, 2024

General line - 0115112241

සිංහරාජයේ ගෝනුන් මැරීමේ ජාවාරමක් හෙලි කර ගැනේ




ලෝක උරුම සිංහාරාජ වන අඩවිය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වි තිබෙනවා. ඒ, සිංහරාජය මායිමේ පිහිටි පරිවාර රක්ෂිතයක් වන වළංකන්ද රක්ෂිතයේදි ගෝනෙකු මරා මස් කර ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු රක්වාන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගයි. පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ රක්වාන හරහා කලවාන මාර්ගයේ දි මෙම වැටලිම සිදු කළ බවයි. 

මරා දැමු ගෝන මස් කිලෝ ග්‍රෑම් 23 ක්, සම්පූර්ණ ගෝන හමක්ද සැකකරුවන් සිටි ජීප් රථය තුළ තිබී සොයාගෙන තිබෙනවා. ගෝනුන් මරා දැමීමට යොදාගත් බොර 12 ගිනි අවියක් සහ උණ්ඩ 11 ක්ද සැකකරුවන් ගමන් ගත් ජීප්රථයද, රාත්‍රි කාලයේදී වනාන්තරවල භාවිත කරන විදුලි පහනක්ද තවත් උපකරණ කිහිපයක් ද සිය භාරයට ගත් බවයි රක්වාන පොලිසිය පැවසුවේ.                                                                                                          

මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු රක්වාන වළංකන්ද රක්ෂිතයට නුදුරින් පිහිටි තේ වත්තක හිමිකරුවෙකු වන අතර අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු හිටපු පොලිස් නිලධාරියෙකු වනවා. පොලිසිය පැවසුවේ සිංහාරාජ වන  අඩවිය තුළ දඩයම් කර වන සතුන් මරා දමන බවට දිගින් දිගටම තොරතුරු ලැබී තිබූ බවයි.